Sony xperia phone Root කරමු .
කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවෙ දැන් බ්ලොග් ලියන්න වෙලාව හරි අඩුයි වැඩ වැඩ .. මන් අද කියන්න යන්නේ Sony xperia live with Walkman සහ Xperia Mini කියන Android phone දෙක Root කරන හැටි මේ විදියට 2011 Xperia Android phone ඕන එකක් Root කරන්න පුළුවන් හැබැයි අත්හදා බැලුවේ මේ phone දෙක විතරයි මොකද මන් ගාව තියෙන්නේ මේ phone දෙකනේ . ඒක නිසා මන් කියන්නේ මේ phone දෙක Root කරන විදිය විතරයි මොකද මන් අත්හදා බලන්නේ නැතුව කිසිම දෙයක් මේ බ්ලොග් එකේ දාන්නෙ නෑ ඉදිරියට වෙන phone Root කරන විදියත් කියලා දෙන්නම්කෝ. ඉතින් මේක Root කරන්න හරිම ලේසියි. ආ අමතක උනා Root කරනවා කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් (මේක නොදන්න කෙනෙක් නම් ඉන්න විදියක් නැ) මෙන්න මේකයි Root කරනවා කියන්නේ
දැන් ඉතින් ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් නෑනේ ඒවායෙන් ගොඩක් phone Android මෙහෙයුම් පද්ධතියක් ( OS ) දුවන ඒවානේ ඉතින් ඔය phone වල දුවන මෙහෙයුම් පද්ධතියේ ADMIN බලය ලබා ගන්න එක තමා කොටින්ම කිව්වොත් ඔය Root කරනවා කියන්නේ අපි පාවිච්චි කරන windows 7 මෙහෙයුම් පද්ධතිය ගත්තොත් ඒකේ ඕන දෙයක් වෙනස් කරන්න මකන්න සමහර Software දාන්න එහෙම පුළුවන් Administrator right තියෙන user කෙනෙකුට හෝ Administrator කියන user විතරනේ අන්න ඒ වගේ Android මෙහෙයුම් පද්ධතියේ Superuser බලය ගන්න එකට තමා Rooting කියන්නේ අපිට superuser බලය ලැබෙන්නේ නෑ ඔය phone එකක් ගන්නකොට ඉතින් අපිට superuser බලය ගන්න Root කරන්න වෙනවා . තව විස්තර ඕනේනම් මෙතන කොටන්නකො . තව දෙයක් Root කලාම phone එකේ වගකීම (warranty) අවලංගු වෙනවා වගේම phone එකේ තියෙන Data ටිකත් මැකෙනවා සමහර විට phone එක ON වෙන්නේ නැතුව යන්නත් පුළුවන් ඒක නිසා හොදට හිතලා බලලා Data ටිකත් Backup කරලා වැඩේ පටන් ගන්න මොනවා හරි උනොත් හදාගන්න ටිකක් අමාරු වෙනවා සමහර විට බැරි වෙන්නත් පුළුවන් ඒක නිසා පරිස්සමෙන් මොනවා හරි උනොත් මම නම් වගකීම බාරගන්නේ නෑ ..
*********** TRY AT YOUR OWN RISK ************
මේ ක්රමයෙන් මෙන්න මේ වර්ගයේ phone Root කරන්න පුළුවන් . එත් මන් කියල දෙන්නේ Live with Walkman කියන එකයි Xperia Mini කියන phone දෙක ගැන විතරයි හැබැයි අනිත් ඒවත් පුළුවන්. ඒවගේ Kernel file download කරන්න link එක මන් අන්තිමට දාන්නම්. ක්රමය නම් මේකම තමා.
Xperia Arc
Xperia Arc S
Xperia Ray
Xperia Neo
Xperia Neo V
Xperia Mini
Xperia Pro
Live with walkman
Xperia Active
Xperia Mini Pro
- පියවර 1
මුලින්ම බලන්න ඕනේ ඔයාලගේ phone එකේ BootLoader එක Unlock කරන්න පුළුවන්ද කියලා ඒකට මෙන්න මේ කෝඩ් එක ගහලා *#*#7378423#*#* Service info\ Configuration\ Rooting Status... If Bootloader unlock allowed මෙතන YES කියලා තියෙනවනම් අවුලක් නෑ නැති උනොත්නම් මොකද කරන්න පුළුවන් කියල නම් දන්නේ නෑ දන්න කව්රු හරි ඉන්නවනම් කියන්න මටත් දැන ගන්න. YES කියල තිබුනොත් විතරක් වැඩේ පටන් ගන්න මොකද YES තිබුනොත් විතරයි මේ වැඩේ හරියටම වැඩ කරන්නේ NO කියල හරි එහෙම එකක් නොතිබුනොත් හරි boot loader එක unlock කරන්න බෑ එහෙම උනොත් sorry තමා.
- පියවර 2
දැන් ඒක open කරලා ඒකෙ යටටම යන්න එතකොට තියෙනවා Extras ඒකෙ Google usb driver කියන ඒකට tick එක දාලා Install Pakage කියන එක ඔබන්න එතකොට usb driver Install වෙයි හැබැයි මේකට intranet තියෙන්න ඕනේ.
දැන් Fastboot driver එකත් Download කරගෙන unzip කරගෙන ඒ file එක copy කරගෙන මෙන්න මෙතනට යන්න C:\Program Files\Android\Android SDK \extras\google කියන folder එකට ගිහින් Paste කරන්න paste කරනකොට replace කරන්න අහයි එක replace කරන්න.
දැන් යන්න මෙන්න මේ link එකට ගිහින් Continue button එක ඔබන්න ඊට පස්සේ Yes i'm Sure කියන button එකත් ඔබන්න ඊට පස්සේ එන එකේ check box දෙකම tick කරලා I Accept කියන button එක ඔබන්න ඊට පස්සේ ඔයාගේ නමයි phone එකේ (IMEI no එක බලා ගන්න *#06# ගහන්න ) IMEI no එකේ ඉලක්කම් 15 තියෙනවානේ එකෙන් මුල් no 14 විතරක් දෙන්න. ඔයාලගේ වැඩ කරන ඊමේල් ඇඩ්රස් එකකුත් දීලා Submit කරන්න එතකොට ඔයාගේ ඊමේල් එකට එයි code එකක් ඒක ලියලා තියා ගන්න .
- පියවර 3
දැන් phone off කරලා මෙන්න මේ කියල තියෙන විදියට කරන්න මුලින්ම phone එකට අදාළ Button එක හොයාගන්න පහලින්
Back button (for smartphone like Xperia™ arc, Xperia™ arc S, Xperia™ neo, Xperia™ neo V,Xperia™ pro).
Volume down button (for smartphones like Xperia™ mini, Xperia™ mini pro, Xperia™ ray, Xperia™ active, Live with Walkman™, Xperia™ S).
ඊට පස්සේ අදාල Button ඔබාගෙන usb cable එක සම්බන්ධ කරන්න එතකොට drivers install කරන්න අහයි ඒක install කරන්න මෙන්න මෙතනින් C:\Program File\Android\AndroidSDK\extra\google\ android_winusb.inf Files එක තෝරලා. දැන් phone එකේ notification light එක නිල් පාටින් පත්තු වෙන්න ඕනේ.
හරි එහෙනම් දැන් start එකට ගිහින් run එකට යන්න ඒකේ cmd කියල ගහලා enter කරන්න එතකොට command window එක open වෙයි ඒකේ මෙන්න මේ command එක ගහන්න cd C:\Program Files\Android\android-sdk\platform-tools ගහලා enter කරන්න එතකොට තියෙන්න ඕනේ මෙන්න මේ විදියට
දැන් මෙන්න මේ command එකත් ගහන්න fastboot.exe -i 0x0fce getvar version ගහලා enter කරන්න එතකොට එන්න ඕනේ මෙන්න මෙහෙම. version කියල තියෙන තැන 0.3 කියලා තියෙන්න ඕනේ හොදද ?
- පියවර 4
ඒ විදියට ආවනම් මෙන්න මේ command එක ගහන්න fastboot.exe -i 0x0fce oem unlock 0xKEY හැබැයි මෙන්න මේකේ KEY කියල තියෙන එක මකලා එතනට අර ඊමේල් එකට ආපු code ගහන්න ගහලා enter කරන්න ඒක ඉවර උනාම usb cable එක ගලවලා phone එක on කරන්න on වෙන්න ටිකක් වෙලා යයි බය වෙන්න එපා. හරි එතකොට boot loader unlock කරලා ඉවරයි.
- පියවර 5
හරි දැන් වැඩේට බහිමු Sony PC Companion එක Download කරගෙන usb cable එක සම්බන්ධ කර Sony PC Companion භාවිතයෙන් build no. 4.1.B.0.587වෙනකම් update කරන්න. build no එක බලා ගන්න පුළුවන් මෙන්න මෙ ව්දියට ගිහින් Settings\About phone\Build number. build no එක 4.1.B.0.587 මේකනම් update කරන්න ඕනේ නැ. .
- පියවර 6
ඊට පස්සේ යට තියෙන විදියට phone Settings ටික හදා ගන්න
Settings--Security-- Mark ”Unknown
sources”
Settings-- Developer options-- Mark USB debugging
Settings-- Xperia -- connectivity -- USB connection mode-- select MSC mode
දැන් මෙන්න මේ ටික download කරගන්නකෝ ඔතන තියෙනවා Live with Walkman සහ Xperia Mini Root කරන්න ඕන කරන ටික . Flash tool එක බා ගන්න මෙතන කොටන්න අනිත් ටික බා ගන්න මෙතන කොටන්න .
- පියවර 7
හරි දැන් මුලින්ම download කර ගත්ත ටිකෙන් Flash tool driver 1.0.2 එක install කරන්න මෙන්න මේ විදියට.
- පියවර 8
හරි දැන් Flash tool එක install කර ගන්න එකේනම් ලොකු දෙයක් නැ නිකන් install කර ගන්න තියෙන්නේ.
- පියවර 9
දැන් අදාල rooting kernel එක තෝරාගන්න Xperia_2011_Rooting_ToolKit. කියන එක ඇතුලේ ඇති Live with Walkman kernel කියලා එකක් ඒක ඇතුලේ තියෙනවා Rooting Kernel LWW & Mini කියලා folder එකක් ඒක ඇතුලේ තියෙන ST18i_4.1.A.0.562_kernel.ftf කියන kernel file එක copy කරගෙන C:\Flashtool\firmwares ඇතුලට paste කරන්න. Paste කරන්න ඉස්සෙල්ලා ඒ folder එකෙහි තිබෙන
files ඔක්කොම delete කරන්න.
- පියවර 10
දැන් Flashtool run කරන්න වම් පැත්තේ උඩ තියෙන button එක click කරන්න.
- පියවර 11
Select flashmode -- ok කරන්න .
- පියවර 12
- පියවර 13
මේ විදියට අවාම phone off කරලා මෙන්න මේ කියල තියෙන විදියට කරන්න මුලින්ම phone එකට අදාළ
Button එක හොයාගන්න පෝස්ට් එකේ උඩින් දාලා තියෙන තැනින්ම. ඊට පස්සේ අදාල Button ඔබාගෙන usb cable එක සම්බන්ධ කරන්න . එතකොට Flashtool එකෙන් phone detect කරගෙන Flash වීම පටන් ගනියි.
- පියවර 14
Flash වී අවසානයේ සමහර විට error එකක් එයි. සමහර විට Sony logo දිස්වි stuck වේ නැත්නම් කළු පාට screen එක විතරක් ඇවිත් phone on වෙන්නේ නැතුව යයි. බය වෙන්න එපා phone එකේ battery එක ගලවලා ආපහු දාන්න හැබැයි on කරන්න එපා. හරි දැන් Flash tool එක close කරන්න. ඊට පස්සේ download කර ගත්ත Xperia_2011_Rooting_ToolKit. කියන එක ඇතුලේ තියෙන Xperia-2011-ICS-ROOT-emu-busybox-su කියන එක ඇතුලේ තියෙන runme කියන bat file එක run කරන්න. එතකොට මෙන්න මේ වගේ එකක් එයි.
- පියවර 15
හරි දැන් phone එක on කරන්න දැන් බාගෙටනේ on වෙන්නේ බය නැතුව අයෙමත් usb cable එක සම්බන්ධ කරන්න . දැන් ඔය කියන විදියට Any key එක ඔබන්න ඔය Any key එක කොහේ තියෙනවද කියල මමනම් දන්නේ නැ එක නිසා ඕක හොයන්නේ නැතුව මොකක් හරි key එකක් ඔබන්න. එතකොට මෙන්න මේ වගේ මොනවා හරි එක එක දේවල් ටිකක් වැටෙයි මොක වැටුනත් මුකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්න අන්තිමට All Done!!! කියල වැටෙනකම් ඕක වෙනකොට phone එක දෙතුන් පාරක් restart වෙනවා බය නැතුව ඉන්න ඕකේ ඔය තියෙන විදියට වැටෙන්න ඕනේ හොදද .
හරි දැන් වැඩේ ඉවරනම් අයෙත් ඔය මොකක් හරි key එකක් ඔබන්න එතකොට ඕක close වෙලා යයි. දැන් අයෙත් phone එකේ battery එක ගලවලා ආපහු දාන්න හැබැයි on කරන්න එපා.
- පියවර 16
දැන් අයෙමත් මුල ඉදන් කරන්න ඕනේ මේ වගේ. දැන් අදාල original kernel එක එක තෝරාගන්න
Xperia_2011_Rooting_ToolKit. කියන එක ඇතුලේ ඇති Live with Walkman kernel කියලා එකක් ඒක ඇතුලේ තියෙනවා original Kernel Live with walkman කියලා folder එකක්. ඒක ඇතුලේ තියෙන WT19_4.1.B.0.587_Kernel.ftf කියන kernel file (Xperia Mini එකට St15_4.1.B.0.587_Kernel.ftf කියන kernel file ) එක copy කරගෙන C:\Flashtool\firmwares ඇතුලට paste කරන්න. Paste කරන්න ඉස්සෙල්ලා ඒ folder එකෙහි තිබෙන files ඔක්කොම delete කරන්න.
අයෙත් පියවර 10, පියවර 11, පියවර 12 , පියවර 13 ආකාරයට නැවතත් original kernel දමා Flash කර ගන්න .
Flash කරලා ඉවර උනාම phone එක on වෙයි අයෙමත් අවුලක් නැතුව. එතකොට phone එකේ තිබුණු Data ටිකනම් නැතුව තියෙයි sd card එකේ තියෙන Data වලටනම් මුකුත් වෙන්නේ නැ . දැන් බලන්න Superuser app එක install වෙලාද කියලා install වෙලානම් phone එක නිවැරදිව root වී ඇත. හරි ඔන්න දැන් Root කරලා ඉවරයි.
මෙන්න අනිත් phone වල Rooting Kernel ටික.
- Arc and Arc S -- Rooting Kernel
- Ray – Rooting Kernel
- Neo/Neo V – Rooting Kernel
- Active –Rooting Kernel
- වෙනත් phone – Rooting Kernel
මෙන්න අනිත් phone වල original Kernel ටික.
- Arc S – original Kernel
- Arc – original Kernel
- Ray – original Kernel
- Neo – original Kernel
- Neo V – original Kernel
- Pro – original Kernel
- Active – original Kernel
- Mini Pro – original Kernel
හරි දැන් ඉතින් මේකට සිංහල එහෙම දාන්නත් පුළුවන් ඒකත් කියල දෙන්නම්කො මෙතනදීම මුලින්ම root explorer බා ගන්න මෙතන කොටන්න root explorer.apk sd card එකට copy කරලා phone එකට install කර ගන්න. දැන් මෙන්න මේ font එකත් බා ගන්න ඒකත් sd card එකට copy කර ගන්න දැන් root explorer open කරන්න open කරනකොට Superuser permission ඉල්ලයි ඒක yes කරලා permission දෙන්න. ඊ ලගට පෙන්නයි folder ගොඩක් එකෙන් ඔයා font එක copy කර ගත්ත තැනට ගිහින් font file එක උඩ touch කරගෙන ඉන්න එතකොට එන menu එකෙන් copy කර ගන්න . ඊ ලගට root explorer එකෙන්ම මෙන්න මෙතනට යන්න system\font\ කියන එකට ගිහින් [mount R/W] button එක ඔබන්න ඊට පස්සේ ඉස්සෙල්ල copy කරගත්ත එක paste කරන්න paste කරනකොට replace කරන්න අහයි එක replace කරන්න දැන් phone එක restart කරලා බලන්න සිංහල වැඩ මල් වගේ .
Thank you Buwa root kara gatta mage LWW aka sinhalath da gatta... Ela Ela :c
ReplyDeleteThank you....
ReplyDeleteBuwa I ya... me karana hlp walata kohma thx karannada manda :-) ..
ReplyDeletemata ACER Iconia B1 tab ekata Dongle ekk connect karana widiha pddk kiyala dennakooo. e tab eken dongl wath Pen wath recognize karanne naaa