Java Script සමග ආතල්

කොහොමද කස්ටියට ? මටනම් මේ දවස් වල ටිකක් විතර අසනිපයි මොකද මේ දවස් වල හවසට වහිනවානේ. Office එකේ ඉදලා ගෙදර එන්නේ Bike කට්ටකනේ. ඉතින් හැමදම හොදට නාලා තමයි එන්නේ. මොනවා හරි ලියන්න කියලා බ්ලොග් එක පැත්තේ ආවේ. ලියන්නේ මොනවද කියල කල්පනා කරනකොට මතක් උනේ අපි ඉස්කොලේ යන දවස් වල Java Script වලින් ගත්ත පොඩි ආතල් ටිකක්. ඒ දවස් වල ඉතින් මේ වගේ හැමෝම ගාව Computer තිබුනේ නැ. Computer තිබුනත් Internet තිබුනේ එහමත් එක්කෙනෙක් ගාව විතරයි. මටත් හම්බ උනා ඔය Java Script ටිකක්. ඕවා ඉතින් යාළුවන්ගේ ගෙවල් වල සෙට් උන දවසට Computer class වලදී එහෙම වැඩ්ඩා වගේ ඔය Script වලින් වැඩ දානවා අනිත් උන් ඉතින් හොල්මන්. කට ඇරගෙන බලන් ඉන්නවා. මොකද ඔය Script Browser Address Bar එකේ Type කරලා Enter කරාම Web Page වලට එක එක විකාර වෙනවානේ.


මේ තියෙන්නේ ඒ වගේ මට මතක Script දෙකක්. මතක මේ දෙක විතරයිgarupale . තව ගොඩක් ඒවා තියෙනවා ඔයාලට දැන ගන්න ඕනෙනම් Google දෙයියගෙන් අහන්නකෝ එයා දෙයි ඇස්ටි හැලෙන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමු. ඉස්සෙල්ලාම යන්න ඔයලා කැමති Web Site එකකට මගේ මේ Site එකේ හරි කමක් නැ. ඊට පස්සේ මේ තියෙන Script එක Copy කරලා Browser Address Bar එකේ තියෙන Address එක Delete කරලා Copy කර ගත්තු Script එක එතනට Past කරලා Enter කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

මේ Script එකෙන් වෙන්නේ ඔයාගේ Web page එක Ms Word Document එකකට Convert වෙන එක. ඊට පස්සේ පුළුවන් කැමති විදියට Web page එක Edit කරන්න . තියෙන Photo Delete කරන්න ඔයාලට කැමති දෙයක් Type කරන්න .කරලාම බලන්නකෝ nerdමෙන්න Script එක.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

මේ තියෙන්නේ අනිත් එක. මේක වැඩ කරන්නනම් Pictures ගොඩක් තියෙන්න ඕනා site එකේ. ඒක නිසා Bing image වල මොකක් හරි Search කරලා ගත්තනම් හරි. මොකද එතකොට Pictures ගොඩක් තියෙනවනේ.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

සමහර බුවාලටනම් හිතෙයි අපි මේවා කළේ 2 පංතියෙදි කියලා. ඒත් නොදන්න කට්ටියත් ඇතිනේ ඒ නිසයි මේ ගැන ලියන්න හිතුනේ. කොහොමද Script ටික හොදද?

Comments

  1. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Huawei E173 unlock කරගත්තද ?

Huawei E303 unlock කරමුද ?