ලිපි හොරුන්ගෙන් බේරෙමු ද ?
කොහොමද ඉතින් කට්ටියට මං මේ බ්ලොග් කෙරුවාවට ඉතින් අළුත්නේ.මං ඉතින් ඔය තියෙන බ්ලොග් ගොඩක් ඒවා කියවලා බැලුවා.ඇත්තටම හැම එකක්ම හොදට කරගෙන යනවා.ඒත් ගොඩක් තැන් වල මං දැක්කා බොහොම සුලු පිරිසක් අපේ කස්ටිය ලියන පෝස්ට් කොපි කරල තමන්ගේ වගේ දානවා කියලා පොඩි කතා බහක් යනවා.
ඒකට ඉතින් කොපි කරන්න බැරිවෙන්න මොනවා හරි කරන්න පුළුවන්ද කියලා බලන්න මං ඉතින් Google දෙයියගේ පිහිට පැතුවා.මෙන්න බොලේ දෙන දෙයියො දෙන කොට ටොකු ඇන ඇන දෙනවා .ගොඩක් ක්රම තියෙනවා.ඒත් ඒවා හරි ගියෙ නැ.
ඔන්න ඔය අතරේ මං තව ටිකක් හොයන කොට හම්බ උනා කෝඩ් එකක්. ඒක මං දාලා බැලුවා මගේ බ්ලොග් එකට.පට්ට කෝඩ් එක මෙන්න බොලේ කොපි කරන්න right click කොරන්නත් බැ.තියෙන font ටික silect කරන්නත් බැ.ලොවෙත් නැති වෙන්න කියලා වැඩ.හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඔයාලගේ බ්ලොග් එකේ Search bar එකක් තියෙනවනම් එකේ මුකුත් Type කරන්න බැරුව යනවා. ඒකට නම් විසදුමක් දන්නෙ නැ. දන්න කවුරු හරි ඉන්නවනම් මටත් කියන්න අමතක කරන්න එපා හොදේ... කොපි කරන පොරවල්ලාට මේක දැක්කාම මාත් එක්ක මල පනියි නේද.?
මේක කරන්න ඉස්සෙල්ලා ඔයාලගේ බ්ලොග් එකේ Template backup කරගෙන ඉන්න නැත්තම් මොනවා හරි උනොත් එහෙම මට බැනුම් තමා. backup කරන්න Desing --> Edit HTML ගිහිල්ලා එතන තියෙනවා Download Template කියල option එකක් එක ඔබලා download කර ගන්න ඊට පස්සේ වැඩෙට බහිමු.
ඉස්සෙල්ලාම යන්න Desing --> Edit HTML එතන්ට ගිහින් Ctrl + F ඔබන්න.ඔබලා මෙන්න මේ කෝඩ් එක හොයා ගන්න. <body> ඒක හොයගෙන ඒ කෝඩ් එක වෙනුවට මෙන්න මේ කෝඩ් එක replace කරන්න <body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false">
replace කරලා save කරලා ඔයාලගේ බ්ලොග් එකට ගිහින් බලන්නකෝ කොපි කරන්න පුලුවන්ද කියලා........ කොහොමද වැඩේ ?
Your template could not be parsed as it is not well-formed. Please make sure all XML elements are closed properly.
ReplyDeleteXML error message: Element type "body" must be followed by either attribute specifications, ">" or "/>".
loku error pollak enawa....
@-HacKrisH-
ReplyDeleteමචං පොඩි අවුලක් තිබුනා කෝඩ් එකෙ. මං දැන් ඒක හදලා තියෙන්නේ. කෝඩ් එක මැදට Dot එකක් Type වෙලා. ඒකයි ඔය error message එක ඇවිල්ලා තියෙන්නේ. දැන් දාලා බලන්න. වැඩ කරනවා. සොරි වෙන්න ඕනා වෙච්ච වැරැද්දට.
ctrl+c karla copy karanna puluvan buea :D hiks
ReplyDeletemachan ube blog eke nam me wada kalla nane mama copy kalane. habi blog ekata damme na. baya wenna epa.
ReplyDeleteමචං මං මගේ Blog එකට ඕක දාලා නැ .... ඒක නිසා Copy කරන්න පුලුවන්..
ReplyDelete:m
ReplyDelete