Posts

Showing posts from October, 2010

කාටත් ප්‍රයෝජනවත් වෙන .com

Image
කොහොමද ඉතින් බුවාලා ටිකට ? සතියකට විතර පස්සේ අද තමා බ්ලොග් එක පැත්තෙ ආවේ. ගොඩක් කස්ටිය මේ වෙනකොට මගේ බ්ලොග් එක බලලා තියෙනවා. ඒකට ඉතින් මට හරි සතු‍ටුයි . මගේ බ්ලොග් එක බලපු හැමෝටම ස්තුතියි . දිගටම මාත් එක්ක ඉන්නකෝ මට පුළුවන් හැම වෙලාවෙම ඔයාලට ප්‍රයොජනවත් දෙයක් ලියනවා. බයිලා ඇති. මං අද කියන්න යන්නේ අපිට ප්‍රයෝජනවත් වෙන web site ටිකක් ගැන. මමත් මේවාගෙන් වැඩ ගන්නවා හොඳට. බලන්නකෝ මේවාගෙන් ඔයාලාටත් වැඩක් ගන්න පුළුවන්ද කියලා.

Password හොයමුද?

Image
කොහොමද බුවාලා ටිකට ? දවස් දෙක තුනකින් මුකුත් ලියන්නත් බැරි උනානේ.මේ දවස් වල ටිකක් busy කොහොම හරි වෙලාවක් හොයාගෙන ඉතින් post එකක් ලියන්න තමා try කරන්නේ. මං මේ කියන්න හදන්නේ අපේ මේ සමහර password අමතක උනාම ඉතින් කන්න වෙන කට්ට දන්නවනේ ඒකට පොඩි විසඳුමක් ගැන.  අපි ඉතින් ඔය password දාලා ටික දවසක් යනකොට අමතක වෙන වෙලාවල් තියෙනවනේ. අපිට අමතක උනාට සමහර password අපේ computer එකේ save වෙලා තියෙනවා . අපි ගමුකෝ Google Talk ඕකට අපි user name, password දාලා එක සැරයක් log උනාම අයෙත් සැරයක් user name, password දෙන්න ඕනේ නෑනේ. Auto log වෙනවානේ .

මොකක්ද මේ Orkut ?

Image
මං මේ කියන්න යන්නේ Google දෙයියාගේ වැඩක් ගැන Orkut කියලා. සමහරුනම් දැනටමත් දන්නවා ඇති. මේක හැබැයි Google Sir Lanka page එකට පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලා යන්නකො Google India page එකට. දැක්කද Orkut කියලා වම් පැත්තේ උඩ තියෙනවා. මමත් හැදුවා Orkut වල account එකක්. ඔයාලත් try කරලා බලන්නකෝ පුළුවන් තරම් ඉක්මනට මොකද Beta කියලා තමා තියෙන්නේ.

Java Script සමග ආතල්

Image
කොහොමද කස්ටියට ? මටනම් මේ දවස් වල ටිකක් විතර අසනිපයි මොකද මේ දවස් වල හවසට වහිනවානේ. Office එකේ ඉදලා ගෙදර එන්නේ Bike කට්ටකනේ. ඉතින් හැමදම හොදට නාලා තමයි එන්නේ. මොනවා හරි ලියන්න කියලා බ්ලොග් එක පැත්තේ ආවේ. ලියන්නේ මොනවද කියල කල්පනා කරනකොට මතක් උනේ අපි ඉස්කොලේ යන දවස් වල Java Script වලින් ගත්ත පොඩි ආතල් ටිකක්. ඒ දවස් වල ඉතින් මේ වගේ හැමෝම ගාව Computer තිබුනේ නැ. Computer තිබුනත් Internet තිබුනේ එහමත් එක්කෙනෙක් ගාව විතරයි. මටත් හම්බ උනා ඔය Java Script ටිකක්. ඕවා ඉතින් යාළුවන්ගේ ගෙවල් වල සෙට් උන දවසට Computer class වලදී එහෙම වැඩ්ඩා වගේ ඔය Script වලින් වැඩ දානවා අනිත් උන් ඉතින් හොල්මන්. කට ඇරගෙන බලන් ඉන්නවා. මොකද ඔය Script Browser Address Bar එකේ Type කරලා Enter කරාම Web Page වලට එක එක විකාර වෙනවානේ.

ඕං මාත් ගියා Info Tel බලන්න.

Image
ඔන්න ඉසුරු බුවත් ගියා info tel බලන්න. ticket එකක් රුපියල් 30 ක් උනා. අනේ මන්දා මටනම් වැඩිය හිතට ඇල්ලුවෙ නැ. අලුතෙන් කියලා වැඩිය දේවල් තිබුනෙ නැ. game zone කියලා තැනක් තිබුනා කට්ට කරුවලයි කොල්ලොනම් පිරිලා එතන game ගහනවා හි‍ටු කියලා. මමත් අත ඇරියේ නැ ගැහුවා Game යන්න හිතුනේ නැ ඒත් අනිත් තැනුත් බලන්න එපැයි ඒක නිසා ආවා.